Latest News

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අලුත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කර තිබෙනවා.

ඒ අනුව නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කර අත්තේ තිලක් ප්‍රේමකාන්ත මහතායි.

රිදියගම සෆාරි උද්‍යානයේ ඇතිවු ගැටළුවත් සමග එවකට අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සිටි ශර්මිලා රාජපක්ෂ ධුරයෙන් ඉවත් කිරිමෙන් අනතුරුව මෙම නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පත්කර තිබෙනවා.