Latest News

මේධානි ජයමාන්න මීටර 200 කාන්තා අවසන් පූර්ව වටයට

කෙන්යාවේ පැවැත්වෙන ලෝක ශුරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනිමට මේධානි ජයමාන්න සමත්ව තිබෙනවා.
ඒ මූලික වටයේ දෙවන තරගයේදී 4වන ස්ථානය දිනා ගනිමින්.

මෙම තරගයේදී ඇය විසින් 24.01PB දක්ෂතාව ක් දැක්වූ අතර මෙය මේධානි ජයමාන්නගේ මීටර 200 ඉසව්වේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා.

කෙසේවෙතත් අද පැවති තරගයේදී මේධානි ජයමාන්න පළමු මීටර 100යේදී පළමු තිදෙනා අතර පසු වුවද තරගය නිම කිරීමට සිදුවනුයේ 4 වැන්නා ලෙසයි.