Latest News

ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනිමට කටයුතු

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ ආමාත්‍යංශය පවසනවා.

කාබුල්හි පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හරහා එම කටයුතු සැලසුම් කරමින් සිටින බවයි විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

මේ වනවිට ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පමණ ඇෆ්ගනිස්ථානයේ සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.

කෙසේවෙතත් ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

තලෙයිබාන් කැරලිකරුවන් කාබුල් නුවරට ඇතුළුවීමත් සමග ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෝෆ් ගානී රටෙන් පිටවගොස් තිබෙනවා.

ජනාධිපතිවරයා එලෙස තජිකිස්ථානයට පිටවගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.