Latest News

ලෝක් ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට අද සහභාගී වන පොලිස් සැරයන් අනුරාධා

ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා පොලිස් සැරයන් අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක් ශුරතා දුන්නෙන් විදීමේ තරඟාවලිය පසුගිය 20 සිට ලබන 26 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ යන්ක්ටන් දකුණු ඩැකෝටා නගරයේ දී පැවැත්වෙනවා.

එහි compound දුන්නෙන් විදීමේ ඉසව්ව නියෝජනය කරමින් මෙම නිලධාරිනිය අද (22) ඊට සහභාගි වනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කළා.

ඇය 2010 වර්ෂයේ දුන්නෙන් විදීමේ ක්‍රීඩාවට යොමුවී වසර පහක්ම දුන්නෙන් විදීමේ ජාතික ශූරිය බවට පත්වී ශ්‍රී ලංකා පොලීසියට කීර්තියක් අත්කරදුන් නිලධාරිනියක බව ද පොලිස් මූලස්ථානය පවසනවා.

මේ අතර 2016 සහ 2019 වර්ෂවල දකුණු ආසියාතික දුනු ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීමේ රිදී පදක්කම ද ඇය විසින් දිනා තිබෙනවා.

ගාල්ල හිමිදුම මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට එක්වී ඇත්තේ 2003 වර්ෂයේදී යි.