Latest News

රොසැල්ලේ අනතුර සියදිවි නසා ගැනීමක්

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වූ එකම පවුලේ මව, පියා සහ පුතු සම්බන්ධ සිද්ධිය සියදිවි හානි කර ගැනීමක් බවට අනාවරණය වී තිබෙනවා.

වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර 103 වැනි සැතපුම් කණුව අසළ දී ඊයේ (08) මෙම අනතුර සිදුව තිබුණා.

මියගිය පිරිසට එරෙහිව රන් ආභරණ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පොලිසියේ පැමිණිල්ලක් විභාග කිරීමට ද නියමිතව තිබු බව පොලිසිය සඳහන් කළා.

සිය රන් ආභරණ උකසට ලබා ගෙන ඒවා යළි ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් එම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

ඔවුන් තිදෙනා ඊයේ උදෑසන රොසැල්ල දුම්රිය ස්ථානයට පැමිණ එහි සේවකයින්ගෙන් උඩරට මැණිකේ දුම්රිය පැමිණෙන වේලාව ද විමසා ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.

එම සිදුවීමෙන් අනතුරුව 103 සැතපුම් කණුව අසල දී බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ ශීඝ්‍රගාමී දුම්රියේ මොවුන් ගැටී ඇත.

කෙසේවෙතත් පොලිසිය මේවන විට සිදු කළ පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ මොවුන් තිදෙනා දුම්රියට පැන සියදිවි හානි කරගෙන ඇති බවයි.

එහිදී ප්‍රථමයෙන් වැනි වියේ පසුවන පියත් පසුව 65 හැවිරිදි මවත් ඉන් අනතුරුව 41 අනාවරණය වී තිබෙනවා.

මෙලෙස මියගොස්ව ඇත්තේ 75 හැවිරිදි පියාත් 65 හැවිරිදි මවත් 41 වැනි වියේ පසුවන පුත්‍රයාත් වන අතර ඔවුන් මස්කෙළිය සාමිමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.