Latest News

ට්‍රැවලින් බෑගයෙන් හමු වූ කාන්තා මළ සිරුර හඳුනාගනී

සපුගස්කන්ද, තෙල් පිරිපහදුව අසල කසල ගොඩක දමාගිය ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරේ අනන්‍යතාවය තහවුරු වී තිබෙනවා.

මියගිය කාන්තාව 44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ තැනැත්තියක් බවට සැකකරන බව පොලිසිය පවසනවා.

අදාළ මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේ (04) සොයාගනු ලැබුවා.

මළ සිරුර බහාලූ ගමන් මල්ල පැදුරකින් ඔතා තිබෙන අයුරුද දක්නට තිබුණා.

සැකකටයුතු ගමන් මල්ලක් ඇති බවට පුද්ගලයෙකු සපුගස්කන්ද පොලිස් ස්ථානයට සිදුකළ දැනුම්දීමක් අනුව එම මළ සිරුර සොයාගත් අතර මියගිය කාන්තාව කළු සහ රතු වර්ණවලින් යුතු ගවුමකින් සැරසී සිට ඇති බව පොලීසිය පවසනවා.

මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති ආකාරයක් දක්නට ඇති අතර දින 5කට පමණ පෙර ඇය මියගොස් ඇති බවට සැක කෙරෙයි.

ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණි මහර වැඩබලන මහෙස්ත්‍රාත් රමණි සිරිවර්ධන මහත්මිය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළා.

අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා.