Latest News

ඩයිනසෝරයෙක් පළමු වරට ජගත් සමුළුව අමතයි

2021 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය පැවැත්වෙන අතර දී රාජ්‍ය නායකයින් පුදුමයට පත් කරමින්, සැසියට අමුත්තෙකු සහභාගී වුණා.

ඒ ‘ජුරාසික් පාර්ක්’ ‘ජුරාසික් වර්ල්ඩ්’ ආදී චිත්‍රපට හරහා දකින්න ලැබෙන ‘රැප්ටර්’ ඩයිනසෝරයෙක්.

ඩයිනසෝරයන් අතරින් වඩාත් බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ ද රැප්ටරයන්ය.

මෙම ෆ්රැන්කි නමැති ඩයිනසෝරයා, රැස්ව සිටින සියලු දෙනාත් ලොව පුරා සියලු දෙනාත් අමතමින් කතා කරයි.

ඒ, මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සම්බන්ධයෙන්.

මෙහිදී මනුෂ්‍ය වර්ගයා වඳ වීමට ලක් නොවිය යුතු බව ඩයිනසෝරයා පෙන්වා දෙනු ලැබුවා.

“අහන්න මිනිසුනි!! වඳ වෙලා යනවා කියන එක ගැන මම හොඳටම දන්නවා. මම කියලා දෙන්නම් ඔයාලට ඒක ගැන. වඳ වෙලා යනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. ඒක ගොඩක් නරක දෙයක්. තමා විහින්ම වඳ වෙලා යනවා නම් ඒක සමාව දෙන්න බැරි වරදක්. ඒක තමයි මම අහපු විකාරම දේ, අඩුම තරමින් අපට ග්‍රහකයක් තිබුණා, ඔබේ නිදහසට කරුණ කුමක්ද? …….. ඔයාලා පාරිසරික ව්‍යවසනයකට දැනටමත් මුහුණ දෙමින් ඉන්නේ.සෑම වසරකම රජයයන් බිලියන ගණනින් මහජන මුදල් යොදවනවා පොසිල ඉන්ධන සමාගම් නඩත්තු කරන්න. ඒක හරියට අපි ඩොලර් බිලියන ගණනක් වැය කරමින් ග්‍රහක නඩත්තු කරනවා කළා වගේ. ඒ මුදලින් ඔබට කළ හැකි අනෙකුත් සියලුම දේවල් ගැන සිතන්න. ලොව පුරා මිනිසුන් දරිද්‍රතාවයේ ජීවත් වෙති. ඔබේ මුළු විශේෂයේම අභාවයට වන්දි ගෙවීමට වඩා ඔවුන්ට උදව් කිරීම අර්ථවත් වනු ඇතැයි ඔබ සිතන්නේ නැද්ද?තම වර්ගයාගේ වළ කපා ගන්නවාට වඩා. මං කියන දේ තේරුම් ගන්න. දැන් ඔයාලට හොඳ අවස්ථාවක් උදා වී තිබෙනවා. ක්‍රියාත්මක වෙන්න. ආර්ථිකය යළි ගොඩ නගා ගනිමින්, මේ වසංගතයෙන් ගොඩයන්න. මේක තමා මනුෂ්‍ය වර්ගයාට ලැබුණු හොඳම අවස්ථාව. මං කියන්නම්හ කදිම අදහසක්. වඳ වී යෑම තෝරා ගන්න එපා. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම දිගටම පවත්වාගෙන යන්න බලන්න. තවත් ප්‍රමාද වෙන්න එපා. තව දුරටත් වැරදි වහගන්න හේතු කියන්න එපා. ඉක්මනින් හරි තීන්දු තීරණ ගන්න. ස්තුතියි!” ඩයිනෝසෝරයා පවසයි.

ෆ්රැන්කි නමැති මෙම ඩයිනසෝරගේ කතාව බොහෝ දෙනා එය අගය කරනු ලැබුවා.

ෆ්රැන්කිගේ මෙම කෙටි වීඩියෝව නිර්මාණය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි.

ඩයිනසෝරයා CGI පරිගණක තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද්දක් වන අතර මේ වනවිට මෙම වීඩියෝව, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන අවසන්.

රට රටවල ප්‍රකට නළු නිළියන් ඩයිනසෝරයාට විවිධ භාෂාවලින් හඩ ලබා දී ඇත.

ඒ, ඩයිනසෝරයා හරහා සමාජගතවන පණිවුඩයේ ඇති වැදගත්කම නිසායි.

ඉංග්‍රීසි බසින් ෆ්රැන්කි ට හඬ දෙන්නේ හොලිවුඩ් ප්‍රහසන නළු ජැක් බ්ලැක්ය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පසුගිය 26 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවට අනුව, පොසිල ඉන්ධන සමාගම් පවත්වාගෙන යෑමට ලොව ධනවත් සහ බලවත් රටවල් වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 423 ක මුදලක් ලබා දෙයි.

මේ මුදල ‘කොවිඩ් 19’ එන්නත්කරණ කටයුතු සඳහා යොදවන්නේ නම්, බොහොම පහසුවෙන්, ලොව සෑම කෙනකුටම නියමිත එන්නත් මාත්‍රා ලබා දීමට හැකියාව ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් ඩයිනසෝරයාගේ වීඩියෝව, විනෝදය උදෙසා නිර්මාණය කරන ලද්දක් නොවන බව සිහියට ගත යුතුයි.

http://https://youtu.be/VaTgTiUhEJg