Latest News

වවුනියාව නාගරික මන්ත්‍රීනි දිවි ගමනෙන් සමු ගනී

කොවිඩ් 19 වෛරසය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී.ධර්මදාස පුංචි කුමාරි ජිවිතක්ෂයටපත්ව තිබෙනවා.

වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මන්ත්‍රීවරිය මෙලෙස මියගොස් ඇතැයි වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ වවුනියාව තේක්කවත්ත පදිංචි වවුනියාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරියක්.

ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් 2018 වසරේදී පැවති පළාත් පාලන මැතිවරණයේ ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස වවුනියාව නගර සභාවට තේරී පත්ව සිටියා.