සුව දිවිය

ඇඳේදි හස්බන්ඩ් ඇක්ටිව් නෑ ඒකයි මෙහෙම වුණේ !

අපි දෙන්නටම ඉවසගන්න බැරි මුත්‍රා දැවිල්ලක් තියෙනවා ඩොක්ටර්කීපසැරයක්ම බෙහෙත් ගත්තත් හො වුණේ නැහැ

මේ ඉතා මෑතකදී සායනයට පැමිණි බිරිඳක් මා සමඟ පැවසූ ගැටළුවක්ය.

ඔබේ දැනුවත්භාවය පිණිස වුවත් ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය හෙළි නොවන අයුරින් කතාව කිව යුතු නිසා මම එම යුවළ නිලූකා සහ කසුන් ලෙස හඳුන්වමි.

නිලූකා වයස අවුරුදු 34ක එක්දරු මවකි. නිලූකා සහ කසුන් විවාහ වී ඇත්තේ මෙයට වසර අටකට පෙරය.

ඔය ලෙඩේ මුලින්ම ආවේ මහත්තයට. එයාගෙන් මට බෝ වුණාද දන්නෙත් නැහැ…”

මුත්‍රා දැවිල්ලට අමතරව ඇති අනෙකුත් රෝග ලක්ෂණ පිළිබඳවත් මම ඔවුන්ගෙන් විමසීමි.

වෙලාවකට දරාගන්න බැරි යටිබඩේ වේදනාවක් දැනෙනවා. යෝනි මාර්ගයෙන් සැරව වගේ එන වෙලාවලුත් තියෙනවා.”

නිලූකා ඇයගේ රෝග ලක්ෂණ පැහැදිලි කළේ එසේය.

ඇතැම් අවස්ථාවලදී ලිංගේන්ද්‍රියෙන් සැරව වැනි යමක් ස්‍රාවය වන බවත්, විටෙක වෘෂණ කෝෂ ආශ්‍රිත වේදනාවක් ඇතිවන බවත් කසුන් කීවේය.

මීළඟට මා ඔවුන්ගෙන් අසා සිටියේ මීට ප්‍රථම සිදුකළ ප්‍රතිකාර පිළිබඳවය. ඉන්පසු නිලූකා ඈ අත වූ වෛද්‍ය වාර්තා කිහිපයක්ම මා වෙත දිගු කළාය.

මුත්‍රා ටෙස්ට් නම් දෙක තුනක්ම කළා. ඒවා නම් ඔක්කොම නෝර්මල්.”

එම වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන්ට මුත්‍රා ආසාධනයක් නොමැති බව මටද පැහැදිලි විය.

රෝග ලක්ෂණ ඇසූ සැණින් රෝගය හඳුනාගැනීමේ ඉවක් තිබුණද සායනිකව රෝගය විනිශ්චය කිරීම ඉතා වැදගත් බැවින් මම ඔවුන්ගේ ලිංගාශ්‍රිත ස්‍රාවයන් පරීක්ෂාවට බඳුන් කළෙමි. එම පරීක්ෂණවලින් තහවුරු වූයේ මෙම යුවළ ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රදාහය නම් ලිංගාශ්‍රිත රෝගයෙන් පීඩා විඳිනා බවය.

රෝග තත්ත්වය ගැන දෙදෙනාගෙන් වෙන වෙනම ප්‍රශ්න කිරීමේදී කසුන් පැවසූයේ ඔහු කිසිඳු දිනක වෙනත් කාන්තාවක් සමඟ ලිංගික සබඳතා පවත්වා නොමැති බවයි.

ප්‍රශ්න ඇසීම ආරම්භයේ මුනිවත රැකි නිලූකා විනාඩි කිහිපයකින් මහ හඬින් හඬන්නට වූවාය.

මම ඇත්තම කියන්නම් ඩොක්ටර්එයාට නම් මේ ගැන කියන්න එපාලිංගික සම්බන්ධතාවලට මගේ හස්බන්ඩ්ගේ වැඩි උනන්දුවක් නැහැ. ඒ විතරක් නෙවෙයි කසාද බැන්දට පස්සේ මම බලාපොරොත්තු වුණු ආදරෙත් මට එයාගෙන් ලැබුණේ නැහැ.”

කසුන්ගේ ආදරයේ හිඩැස් පිළිබඳව කාර්යාල සගයෙකු සමඟ පැවසීමට නිලූකා ඉක්මන්ව තිබුණි.

මම එයත් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ එහෙම දේකට නෙවෙයි. හැබැයි සම්බන්දේ ඇතිවෙලා මාස හයක් යන්නත් කලින් මම එයා එක්ක රූම් එකකටත් ගියා.”

අනියම් පෙම්වතා සමඟ ලිංගිකව එක්වීම වරදකාරී හැඟීමක් ලෙසින් දැනුණු නිසා එම සබඳතාවය නතර කර දැමූ බව ඈ කියයි.

මානසික යහපැවැත්ම හොඳින් පවත්වා ගැනීමට පුරුෂයෙකුට මෙන්ම කාන්තාවකටත් ආදරණීය ස්පර්ශ සහ සතුට දනවන ලිංගික එක්වීම් ඉතා වැදගත්ය. එසේ නොවන තැන්හිදී මෙවැනි ගැටළු ඇතිවීම පුදුමයට කරුණක් නොවේ. යුවළ උපදේශන මගින් නිලූකාගේත් කසුන්ගේත් පවුල් ජීවිතය තුළ ඇතිවීමට ගිය ගැටළුව විසඳීමට මම කටයුතු කළෙමි.

යමෙක්ට රෝග ලක්ෂණ නොපෙන්වා වුවත් බැක්ටීරියාව ආසාදනය වී තිබිය හැකිය. එවිට බැක්ටීරියාව ඔහුගේ ලිංගික සහකරුවන්ටද බෝ වේ.

මේ දෙදෙනාම මුත්‍රා ප්‍රදාහයේ මුල් අදියරේ පසුවූ නිසා නිසි ඖෂධ මගින් නැවත සංකූලතා ඇති නොවන පරිදි රෝගය නිට්ටාවට සුව කිරීමට හැකි විය.

ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රදාහය නමැති රෝගය ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ක්ලැමීඩියාව, ගොනෝරියාව සහ හර්පීස් වැනි ලිංගික රෝග සාදනු ලබන බැක්ටීරියා වර්ගයි.

ක්ලැමීඩියාව සහ හර්පීස් බැක්ටීරියා විසින් ඇති කරන මුත්‍රා ප්‍රදාහයේදී ශිෂ්ණයෙන් සහ යෝනි මාර්ගයෙන් සැරව ස්‍රාවය වන අතර, ගොනෝරියා බැක්ටීරියාව නිසා ස්‍රාවය වන්නේ ඉටි වැනි සුදු පැහැති ස්‍රාවයක්ය.

ගොනෝරියාව නොවන මුත්‍රා ප්‍රදාහය නමැති රෝගය මුල් අවධියේදීම හඳුනාගැනීම වැදගත් වන්නේ කල්ගතවත්ම කාන්තාවකට ශ්‍රෝණි ප්‍රදාහය ඇති වීමටත් පුරුෂයෙකුට වෘෂණ කෝෂ ප්‍රදාහය ඇතිවීමටත් මෙම තත්ත්වය හේතු විය හැකි නිසාය. එවැනි තත්ත්වයක් දක්වා රෝගය උඩුදිවීමෙන් වඳභාවය වුවත් ඇතිවීමට ඉඩකඩ ඇත.

මෙහිදී මතුකරලිය යුතුම තවත් වැදගත් කාරණාවක් ඇත. ඒ බොහෝදෙනා මුත්‍රා ප්‍රදාහය සහ මුත්‍රා ආසාදන යන රෝග ද්විත්වය පටලවාගන්නා බවය. මෞත්‍ර පද්ධතියේ ඉහළ කොටස සහ පහල කොටස යනුවෙන් කොටස් දෙකක්ය.

මුත්‍රා ආසාදනයක් ඇතිවන්නේ මුත්‍රාශය ආශ්‍රිතව එනම් මෞත්‍ර ලිංගික පද්ධතියේ ඉහළ කොටසේ ඇතිවන ආසාධන සහ ගැටළු නිසාය.

මුත්‍රා ආසාදනයකදී ලිංගාශ්‍රිත ප්‍රදේශයෙන් සැරව හෝ වෙනත් අසාමාන්‍ය ලිංගික ස්‍රාවයක් ස්‍රාවය නොවේ.

පුරුෂයෙකුගේ නම් මුත්‍රා මාර්ගය සහ මුත්‍රා විවරය අශ්‍රිතවද, කාන්තාවකගේ නම් යෝනි මාර්ගය අභ්‍යන්තරයේ සහ බාහිරවද ලිංගාශ්‍රිත රෝගවල ලක්ෂණ දැකගත හැකිය.

බොහෝදෙනා මෙම රෝග තත්ත්වයන් පටලවාගෙන වෛද්‍යවරුන්ට රෝග ලක්ෂණ පවසන අතර එහිදී ලිංගාශ්‍රිත නියැදි වෙනුවට පරීක්ෂාවට බඳුන් කරන්නේ මෞත්‍ර නියැදියි.

එයින් සිදුවන්නේ රෝගයට නිසි ප්‍රතිකාර ලබාගැනීම තව තවත් පමා වී තත්ත්වය අයහපත් අතට හැරීමයි.

ඒ නිසාම අසාමාන්‍ය ලිංගික ස්‍රාවයක් හෝ ඉහත කිව් ලක්ෂණ ඇත්නම් ළඟම ඇති ලිංගික රෝග සායනයකට සහභාගී වීම ඉතා වැදගත්ය.

ලිංගාශ්‍රිත රෝග පිළිබඳ  විශේෂඥ වෛද්‍ය

I.L. ජයවීර

MBBS.PG. Diploma

MD (Venereology)

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි