Latest News

ඉතාලියේ බාල වයස්කාර දරු දෙදෙනා ඝාතනය කළ ශ්‍රී ලාංකික මව

ඉතාලියේ වෙරෝනා හි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ ගැහැනු දරුවන් දෙදෙනා ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි සහ 3 හැවිරිදි වයස් වල පසුවන දරුවන් දෙදෙනෙක්.

නිවසේ සිටි වෙනත් තැනැත්තෙකු විසින් ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී සොයාගෙන තිබෙනවා.

මේ වන විට සිද්ධියට සැක කරන කාන්තාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඇය යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නේදැයි යන්න සම්බන්ධයෙන්ද ඉතාලි පොලිසියේ විශේෂ අවධානය යොමුකර ඇත.

වෙරෝනා මූලස්ථාන පොලිසියේ ජංගම දුරකථන කණ්ඩායම විසින් සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදු කරයි.

සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ ගිනි නිවන හමුදාවට අමතරව පලාතේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේද පැමිණ තිබෙනවා.