Latest News

කෝලිගේ දියණියට තර්ජනය කල පුද්ගලයා අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ මාස 9 ක් වන දියණිය දූෂණය කරන බවට තර්ජනය කල පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(10) දිනයේ මෙම පුද්ගලයා මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හයිද්‍රාබාද් හි මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිට ඇති 23 හැවිරිදි රාම්නාගේෂ් ශ්‍රීනිවාස් අකුබතිනි නැමැති පුද්ගලයෙකු මුම්බායි පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහු පාකිස්තාන ජාතිකයෙකු ලෙස තම ට්විටර් ගිණුමේ අදාළ තර්ජනය සිදුකිරීමත් සමඟ එය ලොවපුරා විශාල කතාබහක් ඇති වුණා.

ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ ඉන්දීය පොලිසිය විසින් මූලික විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විරාත් කෝලිගේ නායකත්වයෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම එක දිගට ලැබූ පරාජයන් සමඟ උරණ වූ ප්‍රේක්ෂකයෙක් විසින් මෙම තර්ජනය සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකර තිබුණා.