Latest News

කෝලිගේ සිඟිති දියණියට තර්ජන

විස්සයි විස්ස 2021 ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයේදී පස මිතුරු පාකිස්තානය වෙතින් ඉන්දියානු පිළ පරාජයට පත් වනවා.

ඒ හේතුවෙන් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලිගේ පවුලේ සාමාජිකයින්ට අන්තර්ජාලය ඔස්සේ තර්ජන එල්ල වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ට්විටර් මාධ්‍ය ඔස්සේ කෝලිගේ මාස 9ක් වයසැති දියණියට ද එල්ල වූ තර්ජනයක් සම්බන්ධයෙන් දිල්ලි පොලිස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.

දිල්ලි පොලීසියේ කාන්තාවන් පිළිබද අංශය මගින් අදාළ විමර්ශනය පවත්වන බව එහි සභාපතිනී ස්වාති මලිවාර් ප්‍රකාශ කළා.