Latest News

අදින් පසු විවාහ මංගල උත්සව පවත්වන්න තහනම්

අද මධ්යම රාත්රියේ සිට බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ කිසිදු උත්සව ශාලාවක විවාහ මංගල උත්සව පැවැත්වීම තහනම් වනවා. ඒ පසුගියදා රජය විසින් නිකුත් කළ නිවේදනය අනුවයි. කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්ය නම් ඒ සඳහා බාධාවක් නොමැති අතර නිවසක හෝ යම් ස්ථානයක විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව මනාල යුවල, දෙපාර්ශවයේ මව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට අදාළ අවස්ථාවට සහභාගී වීමට හැකියාව පවතිනවා. මේ හැරුණුවිට වෙනත් කිසිදු පුද්ගලයෙකුට මේ වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ නැති බවත් පොලිසිය සඳහන් කළා.