Latest News

වේල්ලවිදියේ දමා ගිය කාන්තා මළසිරුරේ හිස් කබල හමුවේ?

බඩල්කුඹුර – පස්සර ප්‍රධාන මාර්ගයේ අලුපොත ප්‍රදේශයේ තිබී මිනිස් හිස් කබලක් හමු වී තිබෙනවා.

කිලෝමීටර් 11 කණුව ආසන්නයේ පාළු ඉඩමක තිබී මෙම හිස් කබල සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

මීට මාස කිහිපයකට පෙර කොළඹ – වේල්ලවිථිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී හමු වූ කාන්තා මළසිරුර හා මෙම සොයා ගත් මිනිස් හිස් කබල අතර සම්බන්ධයක් පවතින්නේ ද යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පදිංචිව සිටියේ ද බඩල්කුඹුර ප්‍රදේශයේ බැවින් ඊට අදාළව විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළා.