Latest News

සිය බිරිඳට විහිළු කළ නිසා විල් ස්මිත්ගෙන්,ප්‍රහසන නළුවෙක්ට ප්‍රහාරයක්

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සුපිරි නළු විල් ස්මිත්, ප්‍රහසන නළු ක්‍රිස් රොක්ට පහර දී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

තම බිරිඳ සම්බන්ධයෙන් සිදුකළ අනවශ්‍ය විහිළුවක් හේතුවෙන් වේදිකාව මත දී මෙම පහර දීම සිදු කර තිබෙනවා.

ක්‍රිස් රොක් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, විල් ස්මිත්ගේ බිරිඳ වන ජාඩා පින්කට් ස්මිත්ට යි.

විල් ස්මිත්ගේ බිරිඳට හිස කෙස් වැටීමේ රෝගයක් තිබෙන බවත් එවැනි විහිළුවක් තුළින් ඇය තවදුරටත් මානසික ව වැටිය හැකි බවත් විල් ස්මිත් පවසනවා.

කෙසේවෙතත් විල් ස්මිත් රසිකයන්ගෙන් හා එම අවස්ථාවට සහභාගී සිටි සියලු දෙනාගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

මේ අතර, මෙම ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙස විල් ස්මිත් සම්මානයට පාත්‍ර වුණා.

ඒ ”කින්ග් රිචඩ්” චිත්‍රපටිය වෙනුවෙන්.