Latest News

වැඩි මිලට ඉන්ධන විකිණු කාන්තාවක් පොලිස් දැලේ

නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් , අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසනවා.

පොලිසියට ලද තොරතුරක් මත අදාළ කාන්තාවගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඩීසල් ලීටර් 80 ක් සහ පෙට්රල් ලීටර් 35 ක ප්‍රමාණයක් සොයා ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

අදාළ කාන්තාව විසින් ඉන්ධනහල් වල අලෙවි කෙරෙන මිලට වඩා ඉන්ධන ලීටරයක් රුපියල් 50 ක වැඩි මිලට අලෙවි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන මල්වතුහිරිපිටිය පොලිසිය සිදුකරනවා.