Latest News

පවුල් ආරවුලකට බිරිඳව ගිනි තැබූ සැමියා

පුවරසන්කුලම් පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා හා බිරිඳ ඇති වු පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදී සැමියා විසින් බිරිඳ තල්ලු කිරීමේ දී වැටී ඔලුව වැදී සිහිසුන්ව ඇති අතර පසුව සැකකරු විසින් කාන්තාවගේ ශරීරයට භූමිතෙල් යොදා ගිනි තබා පළා ගොස් ඇත.

මියගිය කාන්තාවගේ පුතා සහ අසල්වැසියන් පැමිණ ගින්න නිවා දැමුවත් ඒ වන විටත් පිළිස්සීමෙන් කාන්තාව ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වු එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

අදාළ කාන්තාවගේ මෘත ශරීරය මුලික මහෙස්ත්‍රාත් පරීක්ෂණ සඳහා වව්නියාව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 46 හැවිරිදි මියගිය කාන්තාවගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (15) වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.