Latest News

මවගේ සිරුර විදුලි බලාගාර වේල්ලෙන් හමුවෙයි

නාවලපිටිය කඩියන්ලෙන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාරයක වේල්ලක තිබි කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (14) දින පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙම කාන්තාව (14) දින උදැසන සිට නිවසින් අතුරුදහන්ව සිට ඇති අතර ඇයගේ දරුවන් (14) දින උදැසන සිට එම වතු යාය පුරා සිය මව සොයා තිබෙනවා.

පසුව නිවසේ සිට කිලෝමිටර් පහක් පමණ පහලින් පිහිටි පෞද්ගලික ජල විදුලි බලාගාර වේලලේ තිබි සිරුර සොයාගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කළා.

මෙසේ විදුලි බලාගාර වේලලේ තිබී හමු වි ඇත්තේ නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් කුයින්ස්බෙරි වතුයායේ පදිංචිව සිටි ජේ.ෆෙලොමිනා නැමති (73) හැවිරිදි තිදරු මවගේ සිරුරයි.

එම පෞද්ගලික ජල විදුලි බලාගාර මුරකරු විසින් ජලාශ වේල්ලේ පාවෙන නාදුන්න කාන්තා මල සිරුරක් ඇති බවට නාවලපිටිය පොලිසිය වෙත කරන ලද දැනුම් දිමක් මත සිරුර සොයගෙන ඇත.

ජලාශ වේල්ලේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.