Latest News

කාන්තා සැමරුමකදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙයි

කාන්තා සැමරුම් උත්සවයක් අතරතුරදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු කැති ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

ඒ පුත්තලම සිරම්භිඅඩිය සෙල්ලකන්දල් ප්‍රදේශයේදී යි.

සිද්ධියෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ එම පුද්ගලයා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මුලික පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ, අදාළ උත්සවය පැවති ස්ථානය අසල පිහිටි හෝටලයක් තුළ දේශපාලනය ප්‍රශ්නයක් මුල් කරගනිමින් බහින්බස් විමක් සිදුව ඇති බවයි.

එම සිද්ධියට මුල්වු පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ රැස්ව සිටි පිරිස් සමග ආරවුලක් ඇති කරගෙන මාර්ගයේ ගමන් කරමින් තිබු ට්‍රැක්ටරයක් නවතා එහි තිබු කැත්තක් රැගෙන එහි සිටි පිරිසට ප්‍රහාර එල්ල කර තිබෙනවා.