Latest News

27 හැවිරිදි තරුණයෙකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට

වටවල මවුන්ජිත් වත්ත ප්‍රදේශයේ පුද්ගලයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

දෙපාර්ශවයක් අතර බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම ආරම්භවී ඇත.

ගැටුමෙන් මියගොස්ව ඇත්තේ 55 හැවිරිදි මවුන්ජිත් වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

එම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර සමථයකට පත්කර තිබු පැරණි ආරවුලක් යළි දුරදිග ගොස් ඇති අතර බීමතින් පැමිණි පුද්ගලයෙකු විසින් කාන්තාවකට පොල්ලකින් පහරදි ඇති බව පොලීසිය පැවසුවා.

පහරදීමෙන් තුවාල ලැබු කාන්තාව වටවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පහරදීම සිදුකළ 27 හැවිරිදි සැකකරු වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.