Latest News

තවත් කාන්තා මළ සිරුරක් ගමන් මල්ලක තිබී හමුවෙයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල කසල ගොඩක දමා තිබූ ගමන් මල්ලක තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා.

පොලීසිය පැවසුවේ මරණයට පත්වී ඇති කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,

“සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ මාර්ගය අසල කැලි කසල ගොඩ ගසා තිබූ ස්ථානයක ගමන් බෑගයක් තුළ දමා ගොස් තිබු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් කටයුතු කළා. එම ස්ථානයේ මේ වන විට කැලණිය කොට්ඨාස, අපරාධ ස්ථාන නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබනවා. කාන්තාව කවුද යන්න අනාවරණය කර ගැනීමට වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිස් ස්ථානය විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.”