Latest News

ප්‍රථම වරට පොලිස් මූලස්ථාන පරිපාලන අධ්‍යක්ෂ තනතුර කාන්තාවකට

පොලිස් මූලස්ථානයේ පරිපාලන අධ්‍යක්ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ කාන්තා පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන පත්කර තිබෙනවා.

මීට පෙර ඇය, සේවය කළේ, එහි අතිරේක පරිපාලන අධ්‍යක්ෂ ලෙසටයි.

මෙම තනතුරට කාන්තාවක් පත් වූ පළමු අවස්ථාව ද මෙය බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.