Latest News

කාන්තා හිංසන පැමිණිලි ඉහළට

ළමා හා කාන්තා කාර්යාංශයේ උපකාරක මධ්‍යස්ථානයේ ‘1938’ දුරකථන අංකය වෙත දිනකට ඇමැතුම් 400ත් 500ත් අතර ප්‍රමාණයක් පැමිණෙන බව කාන්තා උපකාරක මධ්‍යස්ථානයේ නිලධාරිණී මානෙල් ජයමාන්න පවසනවා.

ලැබෙන ඇමැතුම් අතරින් 50%ක් පමණ ගෘහස්ථ කාන්තා හිංසනය සම්බන්ධයෙන් වන පැමිණිලි වේ.

වෙනත් කාන්තා හිංසනය පිළිබඳ පැමිණිලි 80ත් 100ත් අතර ප්‍රමාණයක් ලැබී තිබෙනවා.

මෙලෙස ලැබෙන පැමිණිලිවල ඉහළ යාමට පවුල් තුළ පවතින ආර්ථිකමය අපහසුතා සහ පුරුෂයින් මත්ද්‍රව්‍ය සඳහා යොමුව තිබීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

එමෙන්ම වසංගතය හමුවේ සංචරණය සීමා පැවැති කාලසීමාවේදී ද ඇමැතුම් ඉහළ ගොස් ඇති අතර පසුගිය ඔක්තෝබර් මාසයේදී පමණක් ඇමැතුම් 4,000ක් පමණ ලැබී තිබෙනවා.

මෙම පැමිණිලි සම්බන්ධව ස්වභාවය අනුව අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසු පවුල් උපදේශන සේවා සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති පුද්ගලයන් පුනරුත්ථාපන ක්‍රියාවලියටද යොමුකරනු ලබනවා.

එසේම බරපතළ සිදුවීමකදී පොලිසියේ ද සහාය ඇතිව දැඩි නීතිමය පියවර වෙත යොමු වන බව මානෙල් ජයමාන්න සඳහන් කළා.