Latest News

කොවිඩ් ආසාදිත බිරිඳ ඝාතනය කල ව්‍යාපාරිකයා අත්අඩංගුවට

කොවිඩ් 19 ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මතම අවසන් ගමන් යැවූ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට යොදාගත් අඩක් පිලිස්සී ගිය කොට්ටය සහ ඇද ඇතිරිලි ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ තුන් වෙනි පටුමග, එගොඩවත්ත පාර, බොරලැස්ගමුව ලිපිනයෙහි පදිංචි (45) වැනි වියේ පසුවූ දෙදරු මවක් වන බවද පොලිසිය පවසනවා.

මෙම යුවළට වයස අවුරුදු 13ක පුතකු සහ වයස අවුරුදු 06ක දියණියක් ද සිටින බව පොලිසිය සඳහන් කළා.

මෙම කාන්තාව කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිවසේ සිට ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුගිය (15) දා රාත්‍රී 10ට පමණ තමාගේ බිරිඳ නිදි යහන මතම මියගොස් සිටින බවට සැකකරු විසින් ඇයගේ සහෝදරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

සහෝදරයාගේ ද පැමිණීමෙන් පසුව මෙම කාන්තාව දකුණු කොළඹ ශීක්ෂණ (කලුබෝවිල) රෝහල කරා ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බව හා පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා යොමු කළ යුතු බවත් පවසා ඇත.

ඉන්පසු සිදු කළ පරීක්ෂණයේදී කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇති බවට වැඩිදුරටත් තහවුරු වී තිබූ බව පොලිසිය සඳහන් කළා.

මියගිය තම සහෝදරිය රෝහලට රැගෙන යන විටදී මෙන්ම රෝහලට ගිය පසුවද සහෝදරියගේ සැමියා සැකකටයුතු අන්දමින් හැසුරුණු බවත් ඔහුගේ බෙල්ලේ සීරීම් තුවාලයක් තිබූ බැවින් එය නිතරම ඇඳ සිටි කමිසයේ කොලරයෙන් වසා ගැනීමට දැඩි උත්සාහයක යෙදීම නිසා ඇති වූ සැකයක් මත මිය ගිය කාන්තාවගේ සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව සිදු කළ දීර්ඝ පරීක්ෂණයේදී මරණ සම්බන්ධ සියලු තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ අතර ඇයගේ දේපල ලබා ගැනීමෙන් අනතුරුව වෙනත් කාන්තාවක හා යුග දිවියක් ගත කිරීමට සැලසුම් කර ඇති බව ද අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.