Latest News

කාන්තාවන්ට අලුතින් දුරකථන සේවාවක්

පැය 24 පුරාම ක්‍රියාත්මක , 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවක් හඳුන්වා දී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් මෙම දුරකථන සේවාව හඳුන්වා දී ඇත.

දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහර ආදී අකටයුතුකම් ක්ශනිකව දැනුම් දීමේ අවස්ථාව මෙම සේවාව මගින් හිමිවේ.

මෙම දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී යි.

මෙහිදී 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්තා කමිටු නව සාමාජිකයින් සදහා පත්වීම් ලිපි ප්‍රධානය සහ වනිතා විභව කාන්තා කමිටු ප්‍රකාශනය එළිදැක්වීම ද සිදුවිය.