Latest News

කාන්තාවන්ට ආණ්ඩුවේ පුළුල් නියෝජනයක් අවශ්‍යයි

ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රියාකාරිනියන් විශාල පිරිසක් කාබුල් නගර⁣යේදී විරෝධතාවයක නිරත වූ බව ටොලෝ නිවුස් සේවය වාර්තා කරනවා.

රැසියාවේ පැවති ඇෆ්ගනිස්තානය පිළිබද අන්තර්ජාතික ආධාර කණ්ඩායම් රැස්වීමට කාන්තාවන් සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් මෙම විරෝධතාව පළවී තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වනදා රැසියාවේ මොස්කව්හි දී ඇෆ්ගනිස්තානයට අන්තර්ජාතික ආධාර ලබාගැනීම සදහා සමුළුවක් පැවැත්වුණා.

රැසියාව විසින් සංවිධානය කර තිබූ එම සමුළුවට රටවල් දහයකට අධික සංඛ්‍යාවක නියෝජිතයන් එක්ව සිටි බව සදහන්.

එහිදී ඇෆ්ගනිස්තානය තුළ සියලු වාර්ගිකයන්, කාන්තාවන් ආදි නියෝජනයන්ගෙන් සමන්විත ආණ්ඩුවක් පැවතිය යුතු බව අදාළ සමුළුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ දැක්වා තිබෙනවා.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් පිරිසක් කාබුල්හිදි අදාළ උද්ඝෝෂණය පැවැත්වූ අතර එහිදී ඔවුන් කියා සිටියේ, පුළුල් නි⁣යෝජනයක් ඇති කරන ලෙස සියලු පාර්ශව තලේබාන් සංවිධානයට බලකළ යුතු බවයි.