Latest News

ලෝක කුසලාන තරගාවලියට පිටත්වූ කාන්තා කණ්ඩායම

නවසීලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (16) අලුයම දිවයිනෙන් පිටත් වුණා.

සුදුසුකම් ලැබීමේ තරඟ සිම්බාබ්වේ රාජ්‍යය පැවැත්වෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන එකම පුහුණු තරගය මේ මස 19 වැනි දා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන පළමු සුදුසුකම් ලැබීමේ තරගය මේ මස 23 වැනි දා නෙදර්ලන්තය සමඟ පැවැත් වෙයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම් සමඟ සුදුසුකම් ලැබීමේ තරග සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.