Latest News

ඉන්දු – ශ්‍රී ලංකා නවතම සංස්කෘතික තානාපතිනිය ධූරය යොහානිට

නව පරපුරේ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසනවා.

ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇති අතර යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන්ද සතුට පළකර තිබෙනවා.

එම පණිවිඩවල මෙසේද සඳහන් වෙයි.

“නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ ජාතික රූපවාහිනි නාළිකාවන් හි පෙනී සිටීම අභිමානවත් මොහොතකි. මිලියන 110කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි කරගත් ඇයගේ ‘ මැණිකේ මගේ හිතේ’ ගීතය ඉන්දියාවේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා මිලියන ගණනකගේ හදවත් සොරාගෙන ඇත. වසර දහස් ගණනක් පැරණි ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයේ සැබෑ මිහිර සහ ගැඹුර මෙයින් පිළිබිඹු වේ.