Latest News

ජනපති හමු වූ යොහානි

ජාත්‍යන්තරය ජය ගෙන මෙරටට කීර්තියක් ගෙනා නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එම ආර්යාව හමුවී තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නිවසේදී මෙම හමුව පැවැත්වී ඇති අතර එහිදී යොහානි විසින් ඔවුන් ඉදිරියේ ගීත කිහිපයක් ගායනා කර ඇත.

මේ අතර , ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරවානේ මහතාට උපහාර දැක්වීම සඳහා යුද හමුදා මූලස්ථානයේදී පැවති භෝජන සංග්‍රහය සඳහා ද සහභාගිවී ඇය ගායනයේ යෙදී තිබුණා.

ඇගේ පළමු ඉන්දීය සංචාරය තුලදී ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ‘බිග් බොස්’ වැඩසටහනේ විශේෂ ආරාධිතයා ලෙස පසුගිය දා ඇය සහභාගිව වුන අතර ඉන්දීය ජනප්‍රිය නළු රන්විර් සිං ඉදිරිපත් කරන කලර්ස් නාලිකාවේ ප්‍රචාරය කරනු ලබන “ද බිග් පික්චර්” වැඩසටහනට ද ඇය සඳහාද එක්ව තිබෙනවා.

මේ වන විට ගායිකා යොහානි ද සිල්වාගේ , යූ ටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවේ ග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන 3 පසුකර තිබීමද විශේෂත්වයක්.