Latest News

ජාත්‍යන්තරය තරණය කළ ජැක්ලින් හා යොහානි

ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩ්ස් හා නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අතර කෙටි හමුවීමක් ඊයේ (05) ඉන්දියාවේදී සිදුවිය.

මේ අතර ජැක්ලින් ෆර්නැන්ඩ්ස් විසින් යොහානි ගැන සටහනක් තබා පවසා තිබුනේ ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධනයට යොහානි වැනි ගායිකාවකගෙන් විශාල කාර්යභාරයක් ඉටුකරවාගත හැකි බවයි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය ආරංචි පවසා ඇත්තේ නුදුරේදීම දෙන්නාගේ සුසංයෝගයෙන් වැඩ කටයුතු කිහිපයක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ජැක්ලින් ෆර්නැන්ඩ්ස් හා යොහානි ද සිල්වා යනු ශ්‍රී ලංකාවේ නම කලා ක්ෂෙත්‍රය තුළදි ජාත්‍යන්තරයට ගෙනයාමට දායකවී සිටිනවා.

මේ අතර ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක ලෙස යොහානි ද සිල්වා පත් කිරීමට සංචාරක අමාත්‍යාංශ්‍ය පියවර ගෙන තිබෙනවා.

සන්නාම තානාපතිවරියක ලෙස ගිවිසුම්ගත වීමට ගායික යොහානි ද සිල්වා මෙනවිය එකගත්වය පළ කර ඇති අතර මේ සම්බන්ධයෙන් අදාළ අනුමැති ලබා ගැනීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (05) අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් මගින් දැනුම් දී ඇත.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සදහා වන සන්නාම තානාපතිවරියක් වශයෙන් ඇය පළමුවෙන්ම ඩුබායි හි ආරම්භ වී ඇති ‘වර්ල්ඩ් එක්සපෝ-2020 ” ප්‍රදර්ශනයේ සමාගමී අංගයක් වන ගෝල්බල් ෆෙස්ටිවල් හී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ” ශ්‍රී ලංකා සංචාරක ගීතය ” ලබන ජනවාරි 03 වැනිදා එළි දක්වන බවද එම අමාත්‍යාංශ නිලධාරියා කියා සිටියා.