Latest News

ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක වෙයිද ? – තීරණය අද

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ක්‍රියාත්මක කල නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශ කිරිමට නියමිතයි.

අද පැවැත්වීමට නියමිත කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.

ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ප්‍රගතිය මෙන්ම රට තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම හා සිදුවන මරණ සම්බන්ධයෙන් ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.