අවාසනාවන්ත ලෙස මිලින වූ මල් කැකුළක්
සාරියකින් බැද තිබූ ඔංවිල්ලාවක් පදිමින් සිටියදි ඒම සාරියට ගෙල සිර වීමෙන් 11 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරට පත්වූ දැරිය දැරණියගල ප්රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මෙලෙස මියගොස් ඇතැයි පොලීසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ දැරණියගල,මාලිබොඩ ප්රදේශයේ පදිංචි කැරොනිටා දිල්මිණි නැමති දැරියයි.
මියගිය දැරිය අවුරුදු 9 හා 7 වයසේ පසුවන තම සහෝදරයන් සමග ඊයේ (6 ) සවස නිවසේ නිදන කාමරයේ සාරියකින් බැද තිබූ ඔංචිල්ලාවක් පදමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ දරුවන්ගේ පියා අසල වූ මාලිබොඩ වත්තේ මුර සේවයට සදහා ගොස් සිට ඇති අතර මව කුස්සියේ ඉවුම් පිහුම් කටයුතු වල නිරත වී ඇතැයි අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළා.
මේ වනවිට දැරියගේ දේහය දැරණියගල රෝහලේ තබා ඇති අතර එහිදී පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව දැරණියගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.