අවුරුදු 5යි මාස 8ක කුඩා දරුවෙකු අපයෝජනය කල තරුණයෙකු අත්අඩංගුවට
අවුරුදු 5යි මාස 8ක් වයසැති බිළිඳියක් දූෂණය කරමින් ඊට අදාල දර්ශන සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ ගත කොට මිතුරන් හා බෙදාගත් විසි හැවිරිදි තරුණයෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම බිලිඳිය නුගේගොඩ ප්රදේශයේ පදිංචිකාරියක වන අතර අත්අඩංගුවට ගත් තරුණයා ද ඊට යාබද නිවසක පදිංචි තරුණයා විවාහක පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.
සැකකරු පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත ළමා හා කාන්තා කාර්යාංශයේ රඳවා තබාගෙන ප්රශ්න කිරීම් සිදුකරන බවත් අදාළ දර්ශන හුවමාරු කරගත් සැකකරුගේ මිතුරන් සොයා පොලිස් මෙහෙයුම් ක්රියාත්මක කර බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු නුගේගොඩ කොට්ඨාසය මගින් සිදු කරනු ලබනවා.