Latest News

උපතේදීම සෑම දරුවෙකුටම ජාතික හැදුනුම්පත් අංකයක් ලබා දීමට යෝජනාවක්

සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සකසන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් තාක්ෂණික කමිටුව වෙත යෝජනා කර තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසුවේ, දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී ලියාපදිංචිය සම්බන්ධයෙන් ඇතිවන ගැටළුකාරී තත්ත්වයන් මගහරවා ගැනීමට මෙම ක්‍රමවේදය ඉවහල් වනු ඇති බවයි.