පාසල් ආරම්භ කිරීම අදියර හතරකින් සිදු වන්නේ මෙහෙමයි
පාසල් ආරම්භ කිරීම අදියර 4 ක් යටතේ සිදු කිරීමට සැලසුම් කර ඇති බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා.
ඒඅනුව,
පළමු අදියර : 200 ට අඩු එක සහ පහ ශ්‍රේණි සඳහා පංති ආරම්භ කිරීම
දෙවන අදියර : 200 ට අඩු සියලුම පාසල් පාසල් ආරම්භ කිරීම
තුන්වන අදියර : සාමන්‍ය පෙළ හා උසස් පෙළ පංති ආරම්භ කිරීම
හතර වන අදියර : සියලුම පාසල් ආරම්භ කිරීම
ඒ අනුව ඔක්කොම්බර් මස අවසානය වන විට එලෙස පාසල් ආරම්භ කිරීමට සම්පුර්ණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර 2020 උසස් පෙළ සිසුන්ගේ කඩඉම් ලකුණු ඔක්තොම්බර් මස දෙවනි සතිය වන විට ලබා දීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.