Latest News

ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනු ගයානි කලුආරච්චි

රුසියාවේ මොස්කව් නුවරදි පැවති 58 වන ජාත්‍යන්තර හමුදා බොක්සිං ක්‍රීඩා තරඟාවලියේදි කාන්තා කිලෝග්‍රෑරූම් 75 බර පන්තිය යටතේ තරඟ වැදුණු නායක ගුවන් කාන්තා ගයානි කලුආරච්චි පසුගිය 25 වනදා එම ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වුණා.

මෙවැනි ජාත්‍යන්තර බොක්සිං ක්‍රිඩා ඉසව්වක ශ්‍රී ලංකික ක්‍රිඩිකාවක් විසින් ලෝකඩ පදක්කමක් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙය වනවා.

මේ අතර නායක ගුවන් කාන්තා ගයනි කලුආරච්චි කිලෝ ග්‍රැමි 75 බරපංතිය යටතේ ආරක්ෂක සේවා බොක්සිං තරගාවලිය 2018, ලේටන් කප් බොක්සිං තරඟාවලිය 2019 සහ ක්ලිපර්ඩ් කප් බොක්සිං තරඟාවලිය 2019 යන තරඟවලින් ජයග්‍රහණය කරමින් ජාතික හා ජාත්‍යන්තර තරඟ අත්දැකිමි බහුල ක්‍රිඩිකාවක් ලෙස මෙම තරඟාවලියට එක්ව තිබුණා.