ස්වභාවික වන සංරක්ෂණ ඡායාරූප තරඟයේ ගෝලීය වනජීවී අංශයේ ප්‍රථම ස්ථානය බුද්ධිනි සොයිසාට
ස්වභාවික වන සංරක්ෂණ (The Nature Conservancy) ඡායාරූප තරඟයේ ගෝලීය වනජීවී (Wildlife) අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට බුද්ධිනි ද සොයිසා මහත්මිය සමත්ව තිබෙනවා.
සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමක් බුද්ධිලිනි ඩී සොයිසා “A TURBULENT SWIM” නමින් පළ කරන ලද ඡායාරූපයට අන්තර්ගත වී තිබුණා.
පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මෙම දුර්ලභ දසුන ඇයගේ කැමරාවට හසු කර ගෙන ඇත්තේ කෙන්නයාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානය තුළදී යි.
මේ අතර ඇය විසින් බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021(bbc wildlife photographer of the year 2021) ඡායාරූප ප්‍රදර්ශනයේ ජුරියේ විශේෂ පැසසුමට ද (Highly Commended) ලක්ව තිබුණා.