Latest News

පාසල් සිසුවියකගේ දුරකතනයට අසභ්‍ය දර්ශන යැවු සිසුවෙකු අත්අඩංගුවට

16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියකගේ ජංගම දුරකතනයට අසභ්‍ය විඩියෝ දර්ශන යවන ලද පාසල් සිසුවෙකු ඔක්තෝබර් 13 වන දින දක්වා කිතුලම්පිටිය රැඳවුම් ළමා නිවාසයේ රඳවා තැබිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය ඊයේ (29) නියෝග කර තිබෙනවා.

මෙලෙස රැඳවුම් ළමා නිවාසයේ රඳවා තැබිමට නියෝග කරනු ලැබුවේ හබරාදුව පොලිස් වසමේ පදිංචි 16 හැවිරිදි සිසුවෙක්.

අක්මිමණ පොලිස් වසමේ පදිංචි 16 හැවිරිදි සිසුවියක් තමාගේ ජංගම දුරකතනයට කිසිවෙකු විසින් අසභ්‍ය විඩියො දර්ශණ එවා ඇති බවට මව්පියන් සමග ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට ඉකුත් ජූලි මාසයේ පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව ජූලි මස පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් මෙම සිද්ධියට අදාළ ජංගම දුරකතනයේ ඇමතුම් විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබුණා.

එම නියෝග අනුව ලබාගත් දුරකථන වාර්තා විශ්ලේෂණයකින් පසු කරන ලද දිර්ඝ විමර්ශනයකින් ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.