Latest News

ඉන්දීය ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොහානි

යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වනවා.

මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන ” ලුනු මියුසික් ” සංගීත කණ්ඩයම විසින් යොහානිට සංගීතය ලබා දෙමින් වේදිකාවේ සහාය ලබා දී ඇති අතර ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (30) පස්වරු 06 ට පැවැත්වුණා.

ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සජීවී සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ද වාර්තා වේ.

ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වුන අතර තවත් සම්මුඛ සාකච්ඡා කිහිපයක් සඳහා එක්වෙමින් ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කිරීමද සිදු කරනු ලැබුවා.

මේ අතර ඔක්තෝබර් (03) වැනිදා පස්වරු 06 ට යොහානි හයිද්‍රාබාද් නගරයේදී ද තවත් ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.

මැණිකේ මගේ හිතේ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොහානිහට ඉන්දීය රසිකයින් උන්මාදයෙන් බැඳී ඇති හෙයින් යොහානි‌ ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්‍රේක්ෂකයන් රැස්වෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය (29) වන දා ශ්‍රී ලංකාවෙන් එම සංගීත සංදර්ශනය සඳහා පිටව ගිය යොහානි ව පිළිගැනීමට දිල්ලියේ 450,000ක් පමණ වු ජනකායක් පැමිණ සිටි බව වාර්තා වනවා.

සංගීත සංදර්ශනය ට සහභාගිවීමට පෙරම යොහානි ට අමෙරිකානු ඩොලර් ලක්ෂ 5කට අධික මුදල් ත්‍යාග හිමිවු බව ද සඳහන්.

යොහානිව පිළිගැනීම සඳහා දිල්ලි ගුවන්තොටුපොළ වෙත බොලිවුඩ් සිනමා තරු හා ව්‍යාපාරිකයින් රැසක් පැමිණ සිටි බව ද වාර්තා වේ.

කෙසේවෙතත් ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරිපිට සංගීත ප්‍රසංගයක් පවත්වන ප්‍රථම ශ්‍රී ලාංකික ගායිකාව ලෙස ඇය ඉතිහාසගතවී හමාරයි.
ඇය සහභාගී වූ ඉන්දීය මාධ්‍ය සාකච්ඡාවක් පහතින්