බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ රියැලිටි ගායක තරුණයා අත්අඩංගුවට
15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කළ බවට සැකපිට 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බරපතළ ලිංගික දූෂණයට හා අපයෝජනයට ලක්ව ඇති දැරිය මේවන විට වෛද්‍ය පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.
දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදීම බව පරික්ෂණ කටයුතුවලදී හෙළිවී ඇති අතර සිද්ධිය සම්බන්ධ තරුණයා
මේ දිනවල විකාශනය වෙමින් පවතින සංගීත වැඩසටහනක තරග වදිමින් සිටින පුද්ගලයකු බව කඳාන පොලිසිය පවසනවා.
අදාළ දැරිය කඳාන පොලිස් වසමට අයත් වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් වන අතර සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රසිද්ධ විදුහලක 13 වසරේ අධ්‍යාපනය ලබන වල්පොල රුග්ගහවිල පදිංචි පාසල් සිසුවෙක්.