Latest News

කැබ් රථ අනතුරින් මව මියයයි – පස් මස් ගැබිණි දියණිය රෝහලේ

කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේදි කැබ්රියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටිමෙන් තිදරු මවක මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රොහල් ගතකර තිබෙනවා.

අනතුරින් මියගොස්ව ඇත්තේ කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු මවක වන කේ.ආර් අමරාවතී යන අය අතර ඇයගේ දියණිය වන 24 හැවිරිදි පස් මස් ගැබිණියක් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇත.

තුවාල කරුවන් අතර සිටින යතරු පැදි කරුවකු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ කැබ් රථයේ රියදුරු මාතර පුද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව තිහගොඩ පොලිසිය පවසනවා.