Latest News

ඉස්කෝලේ කැන්ටිමෙන් කෑම එක්ක කොවිඩ් ෆ්‍රී

පාසල් ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් පුරුදු නොකර නිවසේ සැකසූ ආහාර පමණක් දරුවන්ට ලබාදීමට කටයුතු කරන ලෙස රිජ්වේ ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

එහිදී ඒ මහතා සඳහන් කළේ,පෙර පුරුදුවලට අනුව ආපනශාලාවෙන් ආහාර ලබාගැනීමට දරුවන් කටයුතු කළහොත් කොවිඩ් 19 වෛරසය පහසුවෙන් ව්‍යාප්ත වීමට ඉඩකඩ ඇති බවයි.

ඒ අනුව පාසලට පැමිණීමේදී විෂබීජනාශක දියර බෝතලයක්, අමතර මුහුණු ආවරණයක් දරුවාට ලබාදීමටද දෙමාපියන් සිහිතබා ගත යුතු බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.

මෙහිදී වැඩිදුරටත් වෛද්‍යවරයා විසින් පෙන්වා දුන්නේ ,දරුවන් මුහුණු ආවරණ පැලඳ පාසලට පැමිණීම ඉතාමත් අත්‍යවශ්‍ය බවද එම දරුවන් මුහුණු ආවරණ පැලඳ සිටිනවාද යන්න පිළිබඳ දෙමාපියන් සහ ගුරුවරුන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි.