මල් නෙලීමට ගිය නැන්දනිය හා දියණිය වැවට බිලිවෙයි
වැලිඔය මොණරවැව ගම්මානයේ ‘‘ටිකිරි‘‘ වැවේ නෙලුම් මල් කැඩිමට ගිය කාන්තාවක සහ ඇගේ ඥාති දියණියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ තෝරහින්නේ ප්රදේශයේ පදිංචි 32 හැවිරදි එස්.ඒ. නන්දනී සහ ඇඟෙ ඥාති දියණියක වූ 12 හැවිරිදි උපේක්ෂා චමෝදි නැ නැමැති දැරියයි.
වැවෙන් මල් කඩාගෙන ගොඩ ආ මෙම දෙදෙනා කකුල් සෝදාගැනීම සඳහා වැවේ වතුර පිරි තිබූ ස්ථානයට ගිය අවස්ථාවේ එහි ගිලි මියගොස් ඇති බව වැලිඔය පොලිසිය පවසනවා.