නව කැළණි පාලම හෙට සිට විවෘතයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සුරතින් නව කැලණි පාලම විවෘත කිරීම හෙට (24) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.
අධි තාක්ෂනික කේබල් මත ඉදි කළ මෙම නව කැලණි පාලම ‘කල්‍යාණී රන් පිවිසුම’ ලෙස නම් කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව මෙම උත්සවය පැවැත්වීමට නියමිත බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා.
කැලණි ගඟ හරහා ඉදිකර ඇති මෙම නව පාලම් කොටසේ දිග මීටර් 380ක් වනවා.
කොටස් දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇති අතර පළමු කොටස වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් සහ දෙවන කොට වන කොන්ක්‍රීට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර ඇත.