Latest News

කොවිඩ් එන්නත ගන්න ආ මන්ද මානසික තරුණියට අතවර කළ තරුණයා අත්අඩංගුවට

කොවිඩ් 19 මර්දන එන්නත ලබා ගැනීමට ගිය 20 හැවිරිදි මන්ද මානසික තරුණීයක් රවටා ලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ තරුණිය මීට මස කට පමණ පෙර කොවිඩ් එන්නත ලබා ගැනීම සදහා ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වෙත පැමිණ ඇත.

එහිදී සැකකරු යතුරු පැදියෙන් එම ස්ථානයට ගොස් තරුණිය සමග මිතුරු වී ඇය විවාහ කරගන්නා බවට පවසා යතුරු පැදියේ නංවාගනිමින් කැලණිමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් වෙත රැගෙන ගොස් අතරවර කර ඇති බව පොලිසිය පවසනවා.

සිද්ධයෙන් දින 23 කට පමණ පසුව, තරුණිය විසින් ඇගේ වැඩිමහල් සොහොයුරියට මේ පිළිබඳව දැනුම්දිමෙන් පසු ඇය මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කර තිබුණා.

මේ වන විට මුල්ලේරියාව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.