කල්‍යාණි රන් පිවිසුම පස්වරු 3 සිට මහජනතාවට විවෘතයි
කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම ඊයේ (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.
විවෘත කිරීමෙන් අනතුරු ව ඒ හරහා ගමන් ගන්නට අද උදෑසන පැමිණි බොහෝ පිරිසකට ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසුණේ නැහැ.
ඒ කටුනායක අධිවේගී මාර්ගයෙන් පාලමේ ප්‍රවිෂ්ඨය අවහිර කර තිබීම හේතුවෙන්.
මෙම නව පාලමේ අද්දැකීම විඳගැනීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණා.
කෙසේ වෙතත් අද සවස තුනෙන් පසු ව මෙරට නගරයක් තුළ ඉදි වූ දීර්ඝතම කණු මතින් දිවෙන මඟෙහි ගමන් කිරීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිවේ.
2012 වසරේදී පාලම ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කර එවකට ජනපති සහ මහාමාර්ග අමාත්‍යවරයා ලෙස 2013 වසරේ ශක්‍යතා අධ්‍යනය අවසන් කර 2014 වසරේදී අදාළ ගිවිසුම් අත්සන් කෙරුණා.
ඉන් අනතුරුව පැරණි කැලණි පාළමට යාබදව මංතීරු 06 කින් යුත් නව පාලම ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කළා.
කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඇරඹෙන තැන සිට පෑලියගොඩ පාලම් මංසන්ධිය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම නව කැලණි පාළම් ව්‍යාපෘතිය ඔරුගොඩවත්ත මංසන්ධියෙන් සහ වරාය පිවිසුම් මංසන්ධියෙන් අවසන් වෙයි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කොළඹ අන්තයේ අවසානයේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරූ 6ක් වන මෙම පාලම එතැන් සිට ඔරුගොඩවත්ත දක්වාත්, ඉගුරුකඩේ හංදිය දක්වාත්, වරාය පිවිසුම් මාර්ගය දක්වාත් මංතීරූ 4ක් වන ආකාරයෙන් මෙම මාර්ගය නිර්මාණය වී තිබීම විශේෂත්වයක්.
කැලණි ගඟ හරහා ඉදිකර ඇති පාලම් කොටසේ දිග මීටර් 380ක් වන අතර පැකේජ දෙකක් යටතේ මෙම පාලමේ ඉදිකිරිම් කටයුතු සිදු කර ඇත.
පළමු පැකේජය වන වානේ නිමැවුම් පාලම් කොටස සදහා රුපියල් මිලියන 31,539ක් වැය කර ඇති අතර දෙවන පැකේජය වන කොන්ක්‍රිට් එල්ලෙන පාලම් කොටස සදහා රුපියල් මිලියන 9,896ක් වැය කර තිබෙනවා.