Latest News

පන්සලේ ඇබිත්තයා 08 හැවිරිදි දරුවෙකු අපයෝජනයට ලක්කරයි

වසය අවුරුදු 08ක පිරිමි දරුවෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කළ ඇබිත්තයෙකුට වසර 10ක බර වැඩ සහිත සිර දඩුවමක් හිමි වී තිබෙනවා.

මීට අමතර ව රුපියල් ලක්ෂ 05ක වන්දියක් හා රුපියල් 50,000ක දඩයක් ගෙවන ලෙසත් හම්බන්තොට මහාධිකරණ විනිසුරු පසුගිය (24) වැනිදා නියෝග කළා.

මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ, සූරියවැව ප්‍රදේශයේ විහාරස්ථානයක ඇබිත්තයෙකු ලෙස කටයුතු කළ ගෝතමීගම – කතරගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුටයි.

මදවන් ආරච්චිගේ මහේෂ් මදුෂංක නැමති මෙම පුද්ගලයා විසින් අදාළ දරුවා පන්සලට පැමිණි අවස්ථාවේ, කතුරක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා.