Latest News

පස්වන මහලෙන් ඇදවැටී හෝටල් කළමනාකරුවෙකු ජිවිතක්ෂයට

නුවරඑළිය නගරයේ පිහිටි ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තරංග ප්‍රියන්ත හෙට්ටිආරච්චි නැමති (47) හැවිරිදි ගම්පොල දොලොස්බාගේ පාරේ පදිංචි දෙදරු පියෙක්.

ඔහු එම හෝටලේ සුපිරි වෙලදසැලක කලමණාකරුවෙකු වශයෙන් කටයුතු කර ඇත.

මෙම සංචාරක හෝටලයේ කාර්ය මණ්ඩලයේ සාදයක් (28) දින පවත්වා ඇති අතර එම සාදයෙන් අනතුරුව සාදයට සහභාගි වු සේවකයින් විසින් කළමණාකරුව ඔහු නවාතැන් ගෙන සිටි එම හෝටලයට අයත් තවත් හෝටලයක පස්වන මහලේ පිහිටි ඔහුගේ කාමරය වෙත කැදවාගෙන ගොස්ව තිබෙන බව නුවරඑළිය පොලිසිය පවසනවා.

කාමරයේ ජනේලය මත රැදි සිටි කලමණාකාරවරයා අද (29) දින අලුයම 1.45 ට පමණ පහලට වැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සැකකරයි.

ජිවිතක්ෂයට පත් කලමණාකරවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරේ.

මේ අතර මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ගොස්ව තිබෙනවා.

මෙලෙස මියගොස්ව ඇත්තේ , වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්.

මෙම හෝටලයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් එහි කළමනාකාරීත්වය විසින් මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

මත්පැන් සාදය අතරතුර මෙම සූපවේදියා ඔහු නවාතැන් ගෙන සිටි හතරවැනි මහලේ කාමරය වෙත පඩිපෙලෙන් නැග යමින් සිටියදී ඔහු පඩිපෙලෙන් වැටි හිසට බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් පවත්වනු ලබනවා.