ගෑස් පිපිරීම් සම්බන්ධ විශේෂඥ වාර්තාව අද
ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයෙන් අනතුරුව දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01)පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.
මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා සඳහන් කළේ,එම සාම්පල 12ට අදාළව ඒවායේ ගෑස් සංයුතිය පිළිබඳ සිය මතය ද ඇතුළත් වන පරිදි එම වාර්තාව ඉදිරිපත් කරන බවයි.
ගෑස් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් ගතයුතු මූලික පියවර පිළිබඳ විශේෂඥ නිරීක්ෂණ වාර්තාවක් මේ වනවිටත් එම අධිකාරිය වෙත ලබාදී ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් සහ පුපුරායාම් පිළිබඳ විමර්ශනයට සහ විසඳුම් සෙවීමට මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (30) පියවර ගනු ලැබුවා.
ජනාධිපතිවරයා එම කමිටුවට උපදෙස් ලබා දී ඇත්තේ , අවශ්‍ය සියලු පාර්ශවයන්ගේ සහ දැනට පවතින අධ්‍යයනයන් මෙන්ම විවිධ අදහස් විමර්ශනය කර අදාළ වාර්තාව සති දෙකක් ඇතුළත තමන් වෙත භාරදෙන ලෙසයි.
මේ අතර ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පුපුරායාමේ සිද්ධින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් අද පැවැත්වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයේ අද උදෑසන 09.00ට එම උපදේශක කාරක සභාව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.