Latest News

මත්පැන් සාදයට එක්වූ තරුණයා පිහිණුම් තටාකයට වැටී මරුට

මැල්සිරිපුර නගරයේ ප්‍රධාන පෙළේ හෝටලයක පැවති මත්පැන් සාදයකට සහභාගී වූ 21 හැවිරිදි තරුණයකු සාදය අතරතුර සිදුවූ අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගොකරැල්ල පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණයා හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට වැටී මියගොස් සිටි බවයි.

පිහිනුම් තටාකයේ වැටී සිටි එම තරුණයා ගොඩගෙන පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස මියගොස්ව ඇත්තේ රිදීගම උඩහොරොම්බුව ප්‍රදේශයේ මලිත් ලක්සර රණසිංහ නමැති තරුණයෙක්.

පොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ, තවත් පිරිසකගේ සහභාගිත්වයෙන් මත්පැන් සාදයක් සමග ඩීජේ පාටියක් පවත්වා ඇති අතර ඊට සහභාගි වූවන් හෝටලය තුළ පිහිටි පිහිණුම් තටාකයට බැස විනෝද වෙමින් සිටියදී අනෙක් පිරිසගේ අවධානයට ලක් නොවූ මෙම තරුණයා දියේ ගිලීමෙන් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි.